යේසුස් ක්‍රිස්තුස් කුරුසියේ නිමාකල වැඩ කොටස කෙරෙහි විශ්වාස කිරීම සදාකාල ජීවනයට මාර්ගය වෙයි

http://heavenonearthorthodoxy.wordpress.com

HEAVEN ON EARTH – ORTHODOXY

යේසුස් ක්‍රිස්තුස් කුරුසියේ නිමාකල වැඩ කොටස කෙරෙහි විශ්වාස කිරීම සදාකාල ජීවනයට මාර්ගය වෙයි

මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම්ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහා ගන්න සැම දෙනම විනාශ නොවී සදා කාල ජීවනය ලබන පිණිසය (යොහාන් 3 : 16). යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයයි නු‍ඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ විසින් උන් වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව සිතින් අදහන්නෙහි නම්, නුඹ ගලවනු ලබන්නෙහිය. (රෝම 10 : 9). යේසුස් ක්‍රිස්තුස් කුරුසියේ නිමාකල වැඩ කොටස කෙරෙහි විශ්වාස කිරීම සදාකාල ජීවනයට මාර්ගය වෙයි. මක්නිසාද ඇදැහිල්ල කරණකොට ගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නාහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරටිටු කර නොගන්න පිණිස ඒක ක්‍රියා වලින් නොවේ (එපීස 2 : 8-9).

දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයයි

 

http://textsorthodoxy.wordpress.com

TEXTS – ORTHODOXY

අපි දෙවියන් වහන්සේ අකමැති දේ කොට දඬුවම් ලැබීමට සුදුසුකම් ලැබ සිටිමු. අපි පව් කොට ඇත්තේ දෙවියන් වහන්සේට විරුද්ධව නිසා සදාකාල දඬුවම අපේ උරුමයයි. මක්නිසාද පාපයේ කුලිය නම් මරණයයි. එහෙත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයයි. (රෝම 6 : 23)

බයිබලය සදාකාල ජීවනයට පැහැදිලි මාවතක් පෙන්වා දෙයි

http://havefaithorthodoxy.wordpress.com

HAVE FAITH – ORTHODOXY

 

පිළිතුර: බයිබලය සදාකාල ජීවනයට පැහැදිලි මාවතක් පෙන්වා දෙයි, පළමුව, අපි දෙවියන් වහන්සේට විරුද්ධව පව් කල බව තේරුම් ගනිමු. මක්නිසාද අපි සියල්ලෝම පව් කොට උන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති (රෝම 3 : 23).